Wednesday, October 26, 2011

වෙබ් අඩවි සංවර්ධනය නව වන පාඩම.....

ඉතින් යාළුවනේ කලින් සඳහන් කල පරිදි මේ පාඩමෙන් අපි කතා කරන්නෙ කොහොමද PHP භාවිතා කරල ගණිතමය කටයුතු කරගන්නෙ කියලා. ප්‍රධාන ගණිත කර්ම 4 අමතරව ශේෂය ලබා ගැනීම සදහාද මෙහි පහසුකම තියෙනවා.(සෙසු පරිගණක භාෂාවල පරිදි). සම්බන්ද අපි කෙටියෙන් කලින් පඩමක කතා කරල තියෙනවා.මේ  ලින්ක් එක කොටල බලන්න ඒක ඕන අය.


Adding                         +
Subtraction                  -
Multiplication               *
  Division                       /    
Module(Remainder)      %


මීට අමතරව Increment සහ Decrements කියල තවත් ක්‍රම දෙකක් තියෙනව.එම ගණිත කර්ම දෙක Pre-Increment, Post-Increment සහ Pre-Decrements, Post-Decrement වශයෙන් තව දුරත් කොටස් කරන්න පුලුවන්.පහත සටහනෙන් එම Operators භාවිතා කරන ආකාරය දැක්වේ.  

++$x      Pre-Increment
   --$x       Pre-Decrements
 $x++     Post-Increment
  $x--      Post-Decrement

මෙම ගණිත කර්ම භාවිතා කරන්නෙ කොහොමද කියල අපි පහත උදාහරණ වලින් බලමු.



අපි දැන් බලමු ඉහත program එකෙන් මොකද වෙන්නෙ කියලා.
Line No 2 : මුලින්ම අපි $test කියලා variable එකකට Value එකක් දාගන්නවා.
Line No 3: පසුව අපි ඒ variable එකට pre-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  pre-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙනව.එවිට 2 ප්‍රින්ට් වෙනවා)
Line No 4 : New Line
Line No 5: නැවත ඉහත ක්‍රියවලියට ලක් වූ variable එක ප්‍රින්ට් කරනව.
Line No 7: නැවත variable එකකට Value එකක් දාගන්නවා.
Line No 8: අපි නැවත ඒ variable එකට post-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  post-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙන් නෑ එය නැවත ප්‍රින්ට් කරනකොට තමා එහි අගය වැඩි හෝ අඩු වෙන්නෙ. එය increment හෝ decrement එකට අනුව සිදුවෙනවා.)

මෙය හොදින් අවබෝධ කරගන්න.ඉදිරි පාඩම් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.ඒ නිසා මම තව උදාහරණයක් දාන්නම්.ඒවා කරලා බලන්න.ගැටළු අවොත් අහන්න යලුවනේ.මෙ ගන ඔබේ අදහසුත් කියනවනම් කැමතියි.

උදාහරණ 1 :




අපි ඊ ලග පාඩමෙන් බලමු තවදුරත් වලින් ගණිත කර්ම කරන ආකාරය....  




Friday, October 21, 2011

වෙබ් අඩවි සංවර්ධනය අට වන පාඩම.....

පහුගිය දවස් ටිකේ වැඩ වැඩි උන නිසා Blog එක පැත්තෙ එන්නවත් බැරි උනා. අපේ PHP පාඩම නැවත පටන් ගමු.අපි කතා කරමින් හිටියෙ Operators ගැනනේ.ඉතින්  අද මම කියන්න හදන්නෙ අපිට ගොඩාක් වැදගත් වෙන තවත් Operator 1ක් ගැන.ඒ තමා Concatenation Operator එක. තව දෙයක් කියන්න ඕන මෙක තමා PHP වල තියෙන එකම String Operator එක.String Value දෙකක් එකට එකතු කරන්න තමා මෙම Operator එක භාවිතා කරන්නෙ. ( . ) එක තමා Concatenation Operator වශයෙන් අපි යොදා ගන්නෙ.පහත දක්වා ඇති උදාහරණ මගින් එය තව දුරටත් පැහැදිලි  වෙයි.

උදාහරණ 1:




උදාහරණ 2:




උදාහරණ 3:




පැහැදිලි නැති තැනක් තියෙනම් අහන්න.වලින් ගණිතමය කටයුතු කරගන්නෙ කොහොමද කියල ඊ ලග පඩමෙන් බලමුකො...