Wednesday, October 26, 2011

වෙබ් අඩවි සංවර්ධනය නව වන පාඩම.....

ඉතින් යාළුවනේ කලින් සඳහන් කල පරිදි මේ පාඩමෙන් අපි කතා කරන්නෙ කොහොමද PHP භාවිතා කරල ගණිතමය කටයුතු කරගන්නෙ කියලා. ප්‍රධාන ගණිත කර්ම 4 අමතරව ශේෂය ලබා ගැනීම සදහාද මෙහි පහසුකම තියෙනවා.(සෙසු පරිගණක භාෂාවල පරිදි). සම්බන්ද අපි කෙටියෙන් කලින් පඩමක කතා කරල තියෙනවා.මේ  ලින්ක් එක කොටල බලන්න ඒක ඕන අය.


Adding                         +
Subtraction                  -
Multiplication               *
  Division                       /    
Module(Remainder)      %


මීට අමතරව Increment සහ Decrements කියල තවත් ක්‍රම දෙකක් තියෙනව.එම ගණිත කර්ම දෙක Pre-Increment, Post-Increment සහ Pre-Decrements, Post-Decrement වශයෙන් තව දුරත් කොටස් කරන්න පුලුවන්.පහත සටහනෙන් එම Operators භාවිතා කරන ආකාරය දැක්වේ.  

++$x      Pre-Increment
   --$x       Pre-Decrements
 $x++     Post-Increment
  $x--      Post-Decrement

මෙම ගණිත කර්ම භාවිතා කරන්නෙ කොහොමද කියල අපි පහත උදාහරණ වලින් බලමු.



අපි දැන් බලමු ඉහත program එකෙන් මොකද වෙන්නෙ කියලා.
Line No 2 : මුලින්ම අපි $test කියලා variable එකකට Value එකක් දාගන්නවා.
Line No 3: පසුව අපි ඒ variable එකට pre-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  pre-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙනව.එවිට 2 ප්‍රින්ට් වෙනවා)
Line No 4 : New Line
Line No 5: නැවත ඉහත ක්‍රියවලියට ලක් වූ variable එක ප්‍රින්ට් කරනව.
Line No 7: නැවත variable එකකට Value එකක් දාගන්නවා.
Line No 8: අපි නැවත ඒ variable එකට post-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  post-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙන් නෑ එය නැවත ප්‍රින්ට් කරනකොට තමා එහි අගය වැඩි හෝ අඩු වෙන්නෙ. එය increment හෝ decrement එකට අනුව සිදුවෙනවා.)

මෙය හොදින් අවබෝධ කරගන්න.ඉදිරි පාඩම් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.ඒ නිසා මම තව උදාහරණයක් දාන්නම්.ඒවා කරලා බලන්න.ගැටළු අවොත් අහන්න යලුවනේ.මෙ ගන ඔබේ අදහසුත් කියනවනම් කැමතියි.

උදාහරණ 1 :




අපි ඊ ලග පාඩමෙන් බලමු තවදුරත් වලින් ගණිත කර්ම කරන ආකාරය....  




4 comments:

  1. හම්ම්ම්ම්!! ඉතාම හොඳ පාඩම් මාලාවක්. මමත් පටන්ගත්ත මේවගේ වැඩක් ඒත් මට කිසිම දෙයක් එක දිගට කරන්න බැරි එකනෙ ප්‍රශ්නෙ.අයියට මගෙන් සුබපැතුම්. මේ වගේ විෂයන් වලට ලංකාවෙ අයගෙ තියෙන උනන්දුව අඩු‍වගෙයි දැනෙන්නෙ. අනික w3schools.com තියෙනවනෙ. English බැරි අයට අයිය කරන මේ සේවය ගුණාත්මක තැනකට අනාගතයෙ ගෙනාවොත් එහි ප්‍රතිපල අයියට කවද හරි කොහෙන් හරි ලැබෙයි. ඒක සමහරවිට අයියගෙ උත්සාහය විසින් අයියට තිලින කරන ‍දායාදයක්ද විය හැකියි, එය ලෝක ධර්මතාවයක්නෙ. මට නම් කම්මැලියි සිංහල කොටන්න සහ ‍මගේ කාලය නාස්ති කරගන්න. මට තියෙන දුර්ගුණ අංශුමාත්‍රයක් හෝ අයියට ඇත්නම් ඒවා දුරුවෙලා උත්සාහ වන්ත නිදුක් නිරෝගී ජීවිතයක් අයියට ලැබේවාය් එක සිතන් පතමි. එහෙනම් මම ගියා

    ReplyDelete
  2. ගොඩාක් ප්‍රයෝජනවත් පාඩම් මාලාවක් සහෝ.... දිගටම කරන්න....

    ReplyDelete
  3. ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
    අලුතින් වෙබ් එකක් හදන්න paod domain name එකක් සහ paid hosting දිනාගන්න
    දැන්ම එකතුවන්න
    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete