Wednesday, October 26, 2011

වෙබ් අඩවි සංවර්ධනය නව වන පාඩම.....

ඉතින් යාළුවනේ කලින් සඳහන් කල පරිදි මේ පාඩමෙන් අපි කතා කරන්නෙ කොහොමද PHP භාවිතා කරල ගණිතමය කටයුතු කරගන්නෙ කියලා. ප්‍රධාන ගණිත කර්ම 4 අමතරව ශේෂය ලබා ගැනීම සදහාද මෙහි පහසුකම තියෙනවා.(සෙසු පරිගණක භාෂාවල පරිදි). සම්බන්ද අපි කෙටියෙන් කලින් පඩමක කතා කරල තියෙනවා.මේ  ලින්ක් එක කොටල බලන්න ඒක ඕන අය.


Adding                         +
Subtraction                  -
Multiplication               *
  Division                       /    
Module(Remainder)      %


මීට අමතරව Increment සහ Decrements කියල තවත් ක්‍රම දෙකක් තියෙනව.එම ගණිත කර්ම දෙක Pre-Increment, Post-Increment සහ Pre-Decrements, Post-Decrement වශයෙන් තව දුරත් කොටස් කරන්න පුලුවන්.පහත සටහනෙන් එම Operators භාවිතා කරන ආකාරය දැක්වේ.  

++$x      Pre-Increment
   --$x       Pre-Decrements
 $x++     Post-Increment
  $x--      Post-Decrement

මෙම ගණිත කර්ම භාවිතා කරන්නෙ කොහොමද කියල අපි පහත උදාහරණ වලින් බලමු.



අපි දැන් බලමු ඉහත program එකෙන් මොකද වෙන්නෙ කියලා.
Line No 2 : මුලින්ම අපි $test කියලා variable එකකට Value එකක් දාගන්නවා.
Line No 3: පසුව අපි ඒ variable එකට pre-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  pre-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙනව.එවිට 2 ප්‍රින්ට් වෙනවා)
Line No 4 : New Line
Line No 5: නැවත ඉහත ක්‍රියවලියට ලක් වූ variable එක ප්‍රින්ට් කරනව.
Line No 7: නැවත variable එකකට Value එකක් දාගන්නවා.
Line No 8: අපි නැවත ඒ variable එකට post-increment එක දාල ප්‍රින්ට් කරනවා.(මෙහිදී  post-increment එක දැම්මොත් එම variable එක වැඩට යොදවන විට එහි value එක එකකින් වැඩිවෙන් නෑ එය නැවත ප්‍රින්ට් කරනකොට තමා එහි අගය වැඩි හෝ අඩු වෙන්නෙ. එය increment හෝ decrement එකට අනුව සිදුවෙනවා.)

මෙය හොදින් අවබෝධ කරගන්න.ඉදිරි පාඩම් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.ඒ නිසා මම තව උදාහරණයක් දාන්නම්.ඒවා කරලා බලන්න.ගැටළු අවොත් අහන්න යලුවනේ.මෙ ගන ඔබේ අදහසුත් කියනවනම් කැමතියි.

උදාහරණ 1 :




අපි ඊ ලග පාඩමෙන් බලමු තවදුරත් වලින් ගණිත කර්ම කරන ආකාරය....  




Friday, October 21, 2011

වෙබ් අඩවි සංවර්ධනය අට වන පාඩම.....

පහුගිය දවස් ටිකේ වැඩ වැඩි උන නිසා Blog එක පැත්තෙ එන්නවත් බැරි උනා. අපේ PHP පාඩම නැවත පටන් ගමු.අපි කතා කරමින් හිටියෙ Operators ගැනනේ.ඉතින්  අද මම කියන්න හදන්නෙ අපිට ගොඩාක් වැදගත් වෙන තවත් Operator 1ක් ගැන.ඒ තමා Concatenation Operator එක. තව දෙයක් කියන්න ඕන මෙක තමා PHP වල තියෙන එකම String Operator එක.String Value දෙකක් එකට එකතු කරන්න තමා මෙම Operator එක භාවිතා කරන්නෙ. ( . ) එක තමා Concatenation Operator වශයෙන් අපි යොදා ගන්නෙ.පහත දක්වා ඇති උදාහරණ මගින් එය තව දුරටත් පැහැදිලි  වෙයි.

උදාහරණ 1:




උදාහරණ 2:




උදාහරණ 3:




පැහැදිලි නැති තැනක් තියෙනම් අහන්න.වලින් ගණිතමය කටයුතු කරගන්නෙ කොහොමද කියල ඊ ලග පඩමෙන් බලමුකො...

Wednesday, February 9, 2011

වෙබ් අඩවි සංවර්ධනය හත් වන පාඩම.....

අද මම ඔයලට Operators ගැන උදාහරණ කීපයක් දෙන්නම්. මේවා කරල ප්‍රශ්න අවොත් කියන්නකෝ


උදා:- 


Output:-


දැන් අපි බලමු පේලීයෙන් පේලියට මොකද උනේ කියලා. 

ඔයාලා 8,9,10,11,12,13 පේලිවලින් වෙන දේවල් දන්නවා ඇ ති කියල මම හිතනවා. අපි බලමු 13 පේලියෙන් මොකද වෙන්නේ kiyalaa.

14 පේලියේ = ලකුණු 3ක් තියෙනවා නේ. මේ යෙදීමට කියන්නෙ Identical Oprator කියලා.මෙහිදී අපි $x සහ $a කියන විචල්‍ය දෙකේ Value එක මෙන්ම Data Type එකත් සමානද කියල පරීකෂා කරල බලනවා.
 
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා PHP  වල Boolean Type එකේ Value එකක් Print කිරීමේදී output එක වශයෙන්  true සදහා 1 ද  false true සදහා 0 ද print කරනවා.


එවිට ඉහත Identical Operator එක මගින් $x සහ $a Data type එකෙන් සහ Value එකෙන් යන දෙයාකාරයෙන්ම සමාන වෙනවා.එවිට $j හි Value එක true වෙනවා. ඒ කියන්නේ 1 කියන print වෙනවා.

ඒ වගේම !== කියන්නේ Not-Identical කියන එකයි. ඒක හරියට != කියන එක වගේමයි.

Identical Operator ගැන පහත උදාහරන වලින් තවත් පැහැදිලි වෙයි.

උදා:- 





 Output:- 





මේ උදාහරනය ඔයාලට තේරුම් ගැනීමට පහසු ඇතැයි සිතමි.

උදා:- 






 Output:- 


 ඔයලාට උදාහරන පැහැදිලි මදිනම් ඒ මත Click කරන්න.මේ උදාහරන කරල බලන්නකෝ. ඊලග පාඩමෙන් අපි ගැන කථා කරමු.

Sunday, February 6, 2011

වෙබ් අඩවි සංවර්ධනය හයවන පාඩම.....

කොහොමද යාලුවනේ දැ ඔයාලගෙ PHP විචල්‍ය ගැන දැනුම එහෙම? කලින් පාඩමෙන් කිව්වා වගේ අද මම ඔයාලට PHP Operators ගැන කියල දෙන්නයි හදන්නෙ.


අපිට පරිගණක භාෂා භාවිතා කරනකොට විවිධ වටිනාකම් (Values), තර්ක (logics) සමග වැඩ කරන්න වෙනවා. එවත් සමග වැඩ කරන විට මෙ කියන Operators කියන දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.


Operators වර්ග කීපයක් තියෙනවා.

  • Arithmetic Operators
  • Assignment Operators
  • Logical Operators
තමයි ඒ  Operators.

මහත දක්වා ඇති පරිදි ඔයාලට එම Operators හදුනාගෙන අධ්‍යනය කරන්න පුලුවන්.





Arithmetic Operators

OperatorDescriptionExampleResult
+Additionx=5
x+5
10
-Subtractionx=6
9-x
3
*Multiplicationx=11
x*3
33
/Division40/10
13/2
4
6.5
%Modulus (division remainder)9%2
22%6
30%2
1
4
0
++Incrementx=2
x++
x=3
--Decrementx=6
x--
x=5






Assignment Operators

OperatorExampleIs The Same As
=x=yx=y
+=x+=yx=x+y
-=x-=yx=x-y
*=x*=yx=x*y
/=x/=yx=x/y
.=x.=yx=x.y
%=x%=yx=x%y




Comparison Operators

OperatorDescriptionExample
==is equal to9==2 returns false
!=is not equal9!=2 returns true
<>is not equal9<>2 returns true
>is greater than10>3 returns true
<is less than10<3 returns false
>=is greater than or equal to6>=7 returns false
<=is less than or equal to1<=5 returns true




Logical Operators

OperatorDescriptionExample
&&andx=8
y=4

(x < 9 && y > 6) returns false
||orx=8
y=4

(x==8 || y==5) returns true
!notx=8
y=4

!(x==y) returns true



ඉතින් යාලුවනේ ඔයාලට අද පාඩමෙන් ගැටළු අවොත් කියන්න.මම හත්වෙනි පාඩමෙන් මෙම Operators වලට උදාහරණ කීපයක් දෙන්නම්.එතෙක් අයුබෝවන්....!

Thursday, February 3, 2011

වෙබ් අඩවි සංවර්ධනය පස්වන පාඩම.....

අද අපි බලමු තවදුරටත් විච්ල්‍ය භාවිතය ගැන උදාහරණ කීපයක් සාකච්චා කරමු.


මෙම වැඩසටහන මගින් HTML tag තුල PHP code යොදන ආකාරයද ඔයාලට බලාගන්න පුළුවන්.

Output : 



පහත උදාහරණයෙන් PHP තුල HTML භවිතා කරන හරි දැක්වෙනවා.



මෙහිදී ඉහත Output එකම ලැබෙනවා.  පැහදිලි මදිනම් code මත click කරන්න.

Assignment Operators


OperatorExampleSame As
=x=yx=y
+=x+=yx=x+y
-=x-=yx=x-y
*=x*=yx=x*y
/=x/=yx=x/y
.=x.=yx=x.y
%=x%=yx=x%y




පහත උදාහරණය මගින් Assignment Operators පිලිබදව තවදුරටත් පහැදිලි කර ගන්න පුළුවන්.





Output : 



අද පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් ඊ ලග පාඩමෙන් අපි Operators ගැන කථා කරමු......




Sunday, January 30, 2011

වෙබ් අඩවි සංවර්ධනය සිව්වන පාඩම.....


මේ දවස්වල POST දාන්න ප්‍රමාද වෙනවා ඒ ගැන මගේ කනගා‍ටුව ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන්න කැමතියි.
Comments in PHP

අද මුලින්ම අපි බලමු PHP වල Comments දාන්නෙ කොහොමද කියලා.

·         // හෝ  # - තනි පේලියක් සදහා
·         /*     */ - පේලි කීපයක් සදහා

Comments මගින් කරන්නෙ program එක execute කරන විට ඒ Comment එකට අදාල පේලිය හෝ පේලි කීපය execute නොකර මගහැරීමයි. ඉතා විශාල ප්‍රමානයේ පරිගනක වැඩසටහන් ලිවීමේදී code වලට යම්කිසි note එකක් දැමීමට මෙය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේ.

උදා :-


PHP වල විචල්‍ය භාවිතය

විචල්‍ය එහෙමත් නැත්තම් Variable ඕනෑම පරිගනක භාෂාවක තිබෙන කොටසක්. මෙමගින් අපේ පරිගනකයේ RAM එකේ කොටසක් වෙන් කර ගැනීම සිදු කෙරෙනවා.පඩම ඉදිරියට යනවිට එය පැහැදිලි වේවි.
අපි බලමු වල PHP විචල්‍ය භාවිත කරන්නෙ කොහොමද කියලා.

·         ඔනෑම විචල්‍යක් අරම්භයේදී $ සලකුණ යෙදීම අනිවර්ය වේ.
උදා :-
$x
$y
$text

PHP වලදී තිබෙන ලොකු වාසියක් තමා අපි Variable එකට assign කරන data එක අනුව එහි Data type එක හදුනා ගැනීමයි.

උදා :-
$x=45                    // Integer value(numeric value)
$y=”Hellow”;     // String Value
$z=true                                //Boolean Value


විචල්ය්‍ය ගැන තේරුම් ගැනීමට පහත දක්වා ඇති උදාහරනය අධ්‍යනය කරන්න.







මෙහිදී PHP code තුල HTML tag එකක් ඇතුල් කිරීමේදී “ “ තුල HTML tag  එක ලිවිය යුතුය.මෙසේ ඕනෑම HTML tag  එකක් ලිවිය හැකිය.

තවද ඉහත  .  එක මගින්  String එකක්  concatenate කිරීම සිදු කරයි. එය අධ්‍යනය කිරීමට පහත උදාහරනය බලන්න.


පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් අපි ඊ ලග පාඩමෙන් හමුවෙමු.....





Sunday, January 16, 2011

වෙබ් අඩවි සංවර්ධනය තෙවන පාඩම.....

 
මුලින්ම සමාවෙන්න ඕන තෙවන පාඩමට කල් ගත උනාට
  
WAMP එහෙම දැන් පිහි‍ටුවා ගෙන ඇතිනෙ නේ......
අද එහෙනම් හා....හා....පුරා කියල PHP පටන් ගමු එහෙනම්.
මුලින්ම ඔයලා WAMP Open කර ගන්නකෝ....
Desktop WAMP Icon එක Double click කරල හරි  Start > All Programs > WampServer > Start WampServer  යන ක්‍රමයට WAMP Open  කරන්න


ඊට පස්සෙ Notification Area වලට පහත ආකාරයේ Icon එකක් ඔයාලට දකින්න ලැබෙයි.

1 රූපය

2 රූපය 

මුලින්ම  1 රූපයේ ආකාරයට ඇවිත් පසුව 2 රූපයේ ආකාරයට පත් වෙනවා. එසේ 2 රූපයේ ආකාරයට පත් උනාම ඒක උඩ Left Mouse Button එක Click කරන්න.


මෙහි WWW directory එක Click කරල Open වෙන Folder එකේ අලුත් Folder එකක් හදල තියගන්න.අපි කරන PHP file මේ Folder එකේ තම Save කරන්නෙ.
 
C:\wamp\www\   තමා Path එක.ඒක ඔයාලා WAMP පිහිටවා ඇති තැන අනුව වෙනස් වෙනවා.

දැන් ආයෙත් ඉහත ආකාරයට Left Mouse Button එක Click කරන්න.කරල Local host කියන එක Click කරන්න.එවිට ඔයලගෙ Web browser එක open වෙයි.එහි පහත අකාරයට ඔබ හදා ගත්ත Folder එක දිස් වෙයි. එහෙම නැත්තම් Browser එක Open කරල  http://localhost/  කියල Type කරත් හරි.
සැලකිය යුතුයි ...

ඉහත ආකරයට කල යුත්තේ ඔබ WAMP Server පිහි‍ටුවගත්තේනම් පමණි. WAMP Server
වගේම XWAMP වලත් කරන්න ගත හැකිය.එහිදී කරන ආකාරය පසුව සදහන් කරමි.
දැන් ඔයලගෙ Folder එක (Browser ඒකේ) Click කලාම අහි ඇතුලට යා හැකිය.

PHP Syntax
දැන් අපි PHP Coding පටන් ගන්න හදන්න. ඒත් ඊට කලින් දැන ගත යුතු දෙයක් තියෙනවා.
අපිට HTML  වගෙ  PHP වල Source code එක Page එකේ right click කරල View source ගිහින් බලන්නනම් බෑ.මොකද  PHP කියන්නෙ Server-side Language එකක්.එතකොට වෙන්නෙ එක Server එක මගින් Code කියවලා(Execute) ඒකෙ Output එක Browser එකේ පෙන්වන එකයි.එතකොට ඒ වෙලවෙ Browser එකේ තියෙන Page එකේ Code එක විතරයි View sourse වලින් පෙන්නනෙ.PHP code පෙන්නන්නෙ නෑ.
ඒ වගේම PHP කරන්න HTML සාමාන්‍ය ප්‍රමාණයක්වත් දැනගෙන හිටියොත් කරන්න ලේසියි..
එකත් මතක තියාගෙන PHP කරන්න පටන් ගමු.
HTML වල වගේම PHP කරන්න තියෙන්නෙත් ඒකටම විශේෂිත වු  රාමුවක් ඇතුලේ.ඒක පහත ආකාරයට පෙන්වන්න පුලුවන්. ඒ වගේම PHP කරන්න Notepad, Notepad++ , Dreamweaver වගේ ඔයාලට පහසු එකක් පාවිච්චි කරන්න ඒත් ටිකක් හුරු වෙනකල් Notepad එකේ කරන එක වඩාත් හොදයි කියල තම මගේ හැගීම.







මේ රාමුව ඇතුලෙ තමා අපි PHP coding කරන්නෙ.
අපි එහෙනම් මුල්ම Program එක ලියල  බලමු.


ඉහත ආකාරයට Note pad එකේ Type කරල තමන් කැමති නමක් දීල දෙවන පාඩමේ පරිදි .PHP යන Extension එක දීල Save as Type කියන එක All Type Select කරල අපි කලින් හදා ගත් Folder එක අතුලේ Save කරන්න.
දැන් එකේ අපි Open කර  ගත්තු Web Browser එක Refresh කරන්න. එතකොට අලුතින් Save කරපු File එක පෙන්නයි. file එක Click කරන්න.

කොහොමද වැඩ....?





දැන් බලමු එක උනෙ කොහොමද කියලා.

1 සහ 3 පේලි වලින් එක PHP Block ඒක දැක් වෙනවා.
2 පේලියේ echo කියන එකෙන් තමා “Hellow world ” කියන එක Browser එකේ Print වෙන්නෙ.
අද පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් අපි ඊ ලග පාඩමෙන් හමුවෙමු.....