Sunday, January 16, 2011

වෙබ් අඩවි සංවර්ධනය තෙවන පාඩම.....

 
මුලින්ම සමාවෙන්න ඕන තෙවන පාඩමට කල් ගත උනාට
  
WAMP එහෙම දැන් පිහි‍ටුවා ගෙන ඇතිනෙ නේ......
අද එහෙනම් හා....හා....පුරා කියල PHP පටන් ගමු එහෙනම්.
මුලින්ම ඔයලා WAMP Open කර ගන්නකෝ....
Desktop WAMP Icon එක Double click කරල හරි  Start > All Programs > WampServer > Start WampServer  යන ක්‍රමයට WAMP Open  කරන්න


ඊට පස්සෙ Notification Area වලට පහත ආකාරයේ Icon එකක් ඔයාලට දකින්න ලැබෙයි.

1 රූපය

2 රූපය 

මුලින්ම  1 රූපයේ ආකාරයට ඇවිත් පසුව 2 රූපයේ ආකාරයට පත් වෙනවා. එසේ 2 රූපයේ ආකාරයට පත් උනාම ඒක උඩ Left Mouse Button එක Click කරන්න.


මෙහි WWW directory එක Click කරල Open වෙන Folder එකේ අලුත් Folder එකක් හදල තියගන්න.අපි කරන PHP file මේ Folder එකේ තම Save කරන්නෙ.
 
C:\wamp\www\   තමා Path එක.ඒක ඔයාලා WAMP පිහිටවා ඇති තැන අනුව වෙනස් වෙනවා.

දැන් ආයෙත් ඉහත ආකාරයට Left Mouse Button එක Click කරන්න.කරල Local host කියන එක Click කරන්න.එවිට ඔයලගෙ Web browser එක open වෙයි.එහි පහත අකාරයට ඔබ හදා ගත්ත Folder එක දිස් වෙයි. එහෙම නැත්තම් Browser එක Open කරල  http://localhost/  කියල Type කරත් හරි.
සැලකිය යුතුයි ...

ඉහත ආකරයට කල යුත්තේ ඔබ WAMP Server පිහි‍ටුවගත්තේනම් පමණි. WAMP Server
වගේම XWAMP වලත් කරන්න ගත හැකිය.එහිදී කරන ආකාරය පසුව සදහන් කරමි.
දැන් ඔයලගෙ Folder එක (Browser ඒකේ) Click කලාම අහි ඇතුලට යා හැකිය.

PHP Syntax
දැන් අපි PHP Coding පටන් ගන්න හදන්න. ඒත් ඊට කලින් දැන ගත යුතු දෙයක් තියෙනවා.
අපිට HTML  වගෙ  PHP වල Source code එක Page එකේ right click කරල View source ගිහින් බලන්නනම් බෑ.මොකද  PHP කියන්නෙ Server-side Language එකක්.එතකොට වෙන්නෙ එක Server එක මගින් Code කියවලා(Execute) ඒකෙ Output එක Browser එකේ පෙන්වන එකයි.එතකොට ඒ වෙලවෙ Browser එකේ තියෙන Page එකේ Code එක විතරයි View sourse වලින් පෙන්නනෙ.PHP code පෙන්නන්නෙ නෑ.
ඒ වගේම PHP කරන්න HTML සාමාන්‍ය ප්‍රමාණයක්වත් දැනගෙන හිටියොත් කරන්න ලේසියි..
එකත් මතක තියාගෙන PHP කරන්න පටන් ගමු.
HTML වල වගේම PHP කරන්න තියෙන්නෙත් ඒකටම විශේෂිත වු  රාමුවක් ඇතුලේ.ඒක පහත ආකාරයට පෙන්වන්න පුලුවන්. ඒ වගේම PHP කරන්න Notepad, Notepad++ , Dreamweaver වගේ ඔයාලට පහසු එකක් පාවිච්චි කරන්න ඒත් ටිකක් හුරු වෙනකල් Notepad එකේ කරන එක වඩාත් හොදයි කියල තම මගේ හැගීම.







මේ රාමුව ඇතුලෙ තමා අපි PHP coding කරන්නෙ.
අපි එහෙනම් මුල්ම Program එක ලියල  බලමු.


ඉහත ආකාරයට Note pad එකේ Type කරල තමන් කැමති නමක් දීල දෙවන පාඩමේ පරිදි .PHP යන Extension එක දීල Save as Type කියන එක All Type Select කරල අපි කලින් හදා ගත් Folder එක අතුලේ Save කරන්න.
දැන් එකේ අපි Open කර  ගත්තු Web Browser එක Refresh කරන්න. එතකොට අලුතින් Save කරපු File එක පෙන්නයි. file එක Click කරන්න.

කොහොමද වැඩ....?





දැන් බලමු එක උනෙ කොහොමද කියලා.

1 සහ 3 පේලි වලින් එක PHP Block ඒක දැක් වෙනවා.
2 පේලියේ echo කියන එකෙන් තමා “Hellow world ” කියන එක Browser එකේ Print වෙන්නෙ.
අද පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් අපි ඊ ලග පාඩමෙන් හමුවෙමු.....







2 comments:

  1. බොහොම හොද ආරම්බයක් , දිගටම කරන්න සුබ පැතුම්

    ReplyDelete
  2. ඵල ඵල දිගටම ලියන්න....

    ReplyDelete