Sunday, January 30, 2011

වෙබ් අඩවි සංවර්ධනය සිව්වන පාඩම.....


මේ දවස්වල POST දාන්න ප්‍රමාද වෙනවා ඒ ගැන මගේ කනගා‍ටුව ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන්න කැමතියි.
Comments in PHP

අද මුලින්ම අපි බලමු PHP වල Comments දාන්නෙ කොහොමද කියලා.

·         // හෝ  # - තනි පේලියක් සදහා
·         /*     */ - පේලි කීපයක් සදහා

Comments මගින් කරන්නෙ program එක execute කරන විට ඒ Comment එකට අදාල පේලිය හෝ පේලි කීපය execute නොකර මගහැරීමයි. ඉතා විශාල ප්‍රමානයේ පරිගනක වැඩසටහන් ලිවීමේදී code වලට යම්කිසි note එකක් දැමීමට මෙය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේ.

උදා :-


PHP වල විචල්‍ය භාවිතය

විචල්‍ය එහෙමත් නැත්තම් Variable ඕනෑම පරිගනක භාෂාවක තිබෙන කොටසක්. මෙමගින් අපේ පරිගනකයේ RAM එකේ කොටසක් වෙන් කර ගැනීම සිදු කෙරෙනවා.පඩම ඉදිරියට යනවිට එය පැහැදිලි වේවි.
අපි බලමු වල PHP විචල්‍ය භාවිත කරන්නෙ කොහොමද කියලා.

·         ඔනෑම විචල්‍යක් අරම්භයේදී $ සලකුණ යෙදීම අනිවර්ය වේ.
උදා :-
$x
$y
$text

PHP වලදී තිබෙන ලොකු වාසියක් තමා අපි Variable එකට assign කරන data එක අනුව එහි Data type එක හදුනා ගැනීමයි.

උදා :-
$x=45                    // Integer value(numeric value)
$y=”Hellow”;     // String Value
$z=true                                //Boolean Value


විචල්ය්‍ය ගැන තේරුම් ගැනීමට පහත දක්වා ඇති උදාහරනය අධ්‍යනය කරන්න.







මෙහිදී PHP code තුල HTML tag එකක් ඇතුල් කිරීමේදී “ “ තුල HTML tag  එක ලිවිය යුතුය.මෙසේ ඕනෑම HTML tag  එකක් ලිවිය හැකිය.

තවද ඉහත  .  එක මගින්  String එකක්  concatenate කිරීම සිදු කරයි. එය අධ්‍යනය කිරීමට පහත උදාහරනය බලන්න.


පාඩමෙන් ගැටළු අවොත් කියන්න. එහෙනම් අපි ඊ ලග පාඩමෙන් හමුවෙමු.....





No comments:

Post a Comment