Saturday, January 1, 2011

වෙබ් අඩවි සංවර්ධනය දෙවන පාඩම.....


මුලින්ම ඔයලා සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.



 මම අන්තිම සටහනෙන් කියූ පරිදි අද PHP කියන Server side පරිගණක භාෂාව ගැන කතා කරමු.

Web developing ගැන ඔයාලට දැන් යම්කිසි අවබෝධයක් ඇති කියල මම හිතනවා.

මොකක්ද මෙ PHP කියන්නේ.......

Hypertext Preprocessor කියන එක තමා අපි PHP කියල කියන්නේ.ඉතින් මේ PHP Server-side Language එකක් විතරක් නෙවේ Cross-platform, HTML Embedded scripting language එකක් කියලත් කියනවා. ඒ වගේම මේ පරිගණක භාෂාව බොහෝ Database(MySQL, Informix, oracle, Sybase , solid , postage SQL, generic ODBC,…etc) වලටත් Support කරනවා. PHP Open source ගණයට වැටෙන නිසා අපිට නොමිලේම Download කරගෙන වැඩ කරන්න පුලුවන්.
 
PHP වල file extension එක වශයෙන් .php, .php3, .phtml “ දැක්විය හැකිය.

PHP භාවිතා කිරීමේ වාසි

  •    Web පි‍ටු Design කිරීම
  •    භාවිතා කිරීමේ පහසුව.
  •    Open source නිසා නොමිලේම Download කරගෙන වැඩ කරන්න පුලුවන්.
  •    නිරන්තරයෙන් සකස් (Constantly evolving) වෙන නිසා අලුත් අලුත් පහසුකම් එකතු වෙනව.
  •    PHP ඉතා සුරක්ෂිත Web base පරිගණක භාෂාවකි.
  •    Highly customizable.
  •   Windows වගේම Linux වලද PHP වලින් Web develop කරන්න පුළුවන්.

PHP වලින් කරන්න පුළුවන් දේවල්.

  •   Oracle, MySQL වගේweb base database සම්බන්ද කිරීම.
  •   Discussion forums, web base e-mail programs, web base chatting system, Content management   systems (CMS) වගේ දේවල් කරන්නත් PHP වලින් පුළුවන්.
  •  Online server හසුරවන්නත් PHP යොදා ගන්නවා.
  •  ඒ වගේම තව E-commerce, Search engine , Mailing list ,News feeds වලටවගේම භාහිර වෙබ් සමග සම්බන්ද කිරීමත් තව එකී නොකී ගොඩා...ක් දේවල් කිරීමට PHP යොදා ගන්නවා.
කොහොමද අපි PHP කරන්න පටන් ගන්නේ.....?

PHP වලින් Web developing කරන්න කලින් අපිට කරන්න පරිගණකය සකසා ගන්න ඕන.ඒකට පහත පියවර ටික කරන්න ඕන.

1.       ඔයාලගෙ පරිගණකයේ (Windows හෝ Linux) Apache server ඒක පිහි‍ටුවා ගන්න ඕන.(http://www.apache.org)
2.       PHP පිහි‍ටුවා ගන්න. (http://www.php.net)
3.       MySQL පිහි‍ටුවා ගන්න. (http://www.mysql.com)

ඉහත Link වලින් අපිට එම අදාල Software download  කරගන්න පුළුවන්.ඒත් බය වෙන්න එපා මෙවා වෙන වෙනම පිහි‍ටුවන්න ඕන ඉස්සර.දැන් නම් එහෙම ඕන නෑ. දැන් WAMP කියල මේ සේරම එකට තියෙන software ඒකක් තියෙනව.ඔයාල use කරන්නෙ Windows නම් WAMPLinux නම් LAMP ද පිහි‍ටුව ගන්න ඕන.

WAMP LAMP කියන නම් හැදිල තියෙන්නෙ මෙහෙමයි.

  • WAMP = Windows Apache MySQL PHP
  • LAMP =Linux Apache MySQL PHP

මම ඉදිරියට WAMP භවිතා කරල තමා PHP පාඩම ඉදිරිය ගෙනියන්න අදහස් කරන්නෙ.ඉතින් පහත Link එක භවිතා කරල WAMP Download කරගෙන ඔයලගෙ පරිගණකයේ WAMP පිහි‍ටුවා ගන්න්නකෝ.සාමාන්‍ය Software එකක් පිහි‍ටුවන ආකාරයටම කරන්න තියෙන්නෙ.WAMP පිහි‍ටුවනකොට ප්‍රශ්න ආවොත් කියන්නකො.එහෙනම් Ready වෙලා ඉන්නකෝ ඊ ලග පාඩමෙන් හමුවෙමු.





2 comments: